Thursday, April 29, 2010

හදුන්වාදීම

මේක තමයි අමාරුම කොටස. හදුන්වාදීම ලියන එක. වෙබ් සයිට් ගැන ටිකක් හරි දන්නවානම් Jquery කියන එක අලුත් දෙයක් වෙන්න බෑ. මොකද මේ දවස් වල ඒක හරිම ප්‍රසිද්දයි. බලන බලන හැම සයිට් එකක්ම දැන් මේක එකතු කරලා තියෙනවා.

ඉතින් ඒක නිස මම තීරනය කල අපේ සින්හල කියවන අය වෙනුවෙන් සරල ලෙස නිර්මානය කල පාඩම් මාලාවක් පටන් ගන්න. මේකට සම්බන්ද වෙන්න අදහසක් එහෙම කාට හරි තියෙනවානම් මාත් එක්ක මේ සත්කාරයට සම්බන්ද වෙන්න පුලුවන්. තියෙන වැඩ අස්සේ තමයි මම මේක කරන්න සදන්නේ. මේකේ සාර්තකත්වය රදා පවතින්නේ කියවන ඔබ සැමගේ දායකත්වය තමයි. කවුරු හරි මේකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඒක තමයි අවසාන බලාපොරොත්තුව.

Jquery කියන්නේ සන්ක්ෂිප්ත කරන ලද javascript libarary එකක්. මෙය ඉන්ටර්නෙට් භාවිතා කරන්නන් හා වෙබ් නිර්මානය කරන්නන්ට ඉතාමත් පහසුවෙන් තමන්ගේ කාර්යන් ඉටු කර ගැනීමට පහසුකම් සපයනවා. උදාහරනක් ලෙස අපිට අවශ්‍ය වෙනවා ඩ්‍රොප්ඩවුන් මෙනු එකක් හදා ගන්න. එහෙමත් නැතිනම් අපිට අවශ්‍ය වෙනවා මවුස් එක මෙනු එකක් ලගට ගෙනියන කොට මොනවා හරි ඇනිමේෂන් එකක් දා ගන්න. මේ jquery script භාවිතයෙන් මේව කර ගැනීම ඉතාමත්ම පහසුයි.

සරල ඇන්මේෂන් එකක ඉදලා ඉතාමත්ම සන්කීර්න වූ වෙබ් සයිටි එකක් ඉතාමත් පහසුවෙන් නිර්මානය කර ගැනීමට ඇති ඉතාමත්ම පහසුම මාර්ගය මෙයයි.

ඇත්තටම කරන්න පුලුවන් ඒවා බලන්න නම් මෙන්න මේවා බලන්න.

ලින්ක් 01
ලින්ක් 02
ලින්ක් 03
ලින්ක් 04
ලින්ක් 05
ලින්ක් 06
ලින්ක් 07

ඊළග පාඩමෙන් මුල සිට ඉතාමත්ම සරලව ආරම්බ කරමු.

No comments:

Post a Comment